මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්
මෙම ලිපියේ බොහෝ පරිවර්තන දෝෂ ඇති අතර ඒවා නිදොස් කිරීමෙන් මෙම ලිපිය ප්‍රයෝජනවත් කරන මෙන් සියළු සංස්කාරක වරුන්ගෙන් ඉල්ලා සිටිනු ලබයි. |
නවතම වින්ඩෝස් නිකුතුව, වින්ඩෝස් 10, අතුරුමුහුණත පෙන්වමින් | |
| විකාශකයා | මයික්‍රොසොෆ්ට් |
|---|---|
| ලියන ලද්දේ | C, C++ සහ රැස්කිරීම් භාෂාව |
| OS පවුල | වින්ඩෝස් 9x, වින්ඩෝස් CE සහ වින්ඩෝස් NT |
| Working state | පොදුවේ නිකුත් කරන ලදී |
| මූලාශ්‍ර ආකෘතිය | නිමවූ මූලාශ්‍ර / බෙදනලද මූලාශ්‍ර |
| Initial release | නොවැම්බර් 20, 1985 (as වින්ඩෝස් 1.0) |
| අලෙවිකරණ ඉලක්කය | පුද්ගලික පරිගණකකරණය |
| ලබා ගත හැක්කේ | බහු භාෂා [1] |
| Update method | වින්ඩෝස් නවීකරණය |
| Platforms | ARM, IA-32, x86-64, DEC Alpha, MIPS, PowerPC, Itanium |
| Kernel type | දෙමුහුන් |
| Default user interface | චිත්‍රකරූපී (වින්ඩෝස් ගවේශකය) |
| License | හිමිකාර වාණිජ මෘදුකාංග |
| Official website | windows.microsoft.com |
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් යනු චිත්‍රක පරිශීලික අතුරුමුහුණත් වර්ගීකරණයට අයත් මෙහෙයුම් පද්ධති පරම්පරාවකි. විශේෂයෙන් මුල දී IBM PC මාදිලියේ පරිගණක සමඟ ක්‍රියා කළ හැකි මෙහෙයුම් පද්ධති කාණ්ඩයක් ලෙස නිර්මාණය කරන ලැබූ අතර, පසුව විවිධ උපාංග තුළ ක්‍රියාත්මක කිරීමට හැකිවන ආකාරයට මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වැඩිදියුණු කරන ලදී. වර්තමානයේ සක්‍රීය තත්ත්වයේ ඇති වින්ඩෝස් මෙහෙයුම් පද්ධති පවුලේ සාමාජිකයන් වන්නේ Windows NT හා Windows Embedded සංස්කරණයන් වන අතර, එහි උප සාමාජික මෙහෙයුම් පද්ධති ලෙස Windows Embedded Compact (Windows CE) හා Windows Server ලෙස සංස්කරණ පවතී.
මයික්‍රොසොෆ්ට් සමාගම ඔවුන්ගේ විධාන පේළි අතුරුමුහුණත් මෙහෙයුම් පද්ධතිය වන MS-DOS හි නව වැඩිදියුණු කිරීමක් ලෙස සිය ප්‍රථම චිත්‍රක පරිශිලික අතුරුමුහුණතක් සහිත මෙහෙයුම් පද්ධතිය 'Windows' යන නාමයෙන් 1985 වසරේ නොවැම්බර් මස 20 දා නිකුත් කරන ලදී. පසුකාලීනව මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති ලෝක වැඩතල (desktop) පරිගණක වෙළඳපොළ කොටස්වලින් 90% කට වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගන්නා ලදී. ඒ 1984 දී Apple Inc. සමාගම විසින් නිර්මිත Mac OS මෙහෙයුම් පද්ධතිය අත්පත් කර ගත් වෙළදපොළ කොටස් ප්‍රමාණයද අභිභවිමිනි.
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හි නවතම සංස්කරණය වනුයේ ටැබ්ලට් පරිගණක, ස්මාට් ජංගම දුරකථන හා නිහිත පද්ධති (Embeded Systems) ඉලක්ක කරමින් 2015 ජූලි මාසයේ දී නිකුත් කරන ලද වින්ඩෝස් 10 සංස්කරණයයි.
පෙළපත
[සංස්කරණය]අලෙවිකරණය
මයික්‍රොසොෆ්ට් සමාගම සතුව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නියෝජනය කරන ලියාපදිංචි කළ වෙළද සන්නාම කිහිපයක් පවතී. එම එක් එක් සන්නාම පරිගණක කේෂ්ත්‍රයේ එක් එක් අංශයක් සඳහා ක්‍රියාත්මක වීමට විශේෂයෙන් සකසා ඇති අතර, 2014 වසර වන විට පහත නම් වලින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ සාමාජිකයින් සම්බන්ධයෙන් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වැඩිදියුණුකිරීම් කටයුතු සිදුකරයි.
- Windows NT: Windows NT 3.1 මෙහෙයුම් පද්ධති සංස්කරණයෙන් ආරම්භ වූ මෙම මෙහෙයුම් පද්ධති පවුල සේවා පරිගණක (Server Computers) හා වැඩ නිකේතන පරිගණක (Workstations) සඳහා ඉදිරිපත් කර ඇත. වර්තමානයේ මෙහි උප කොටස් තුනක් පවතින අතර එම ත්‍රිත්වයෙන් මෙහෙයුම් පද්ධති සංස්කරණ එකම අවස්ථාවේදී බොහෝ විට වෙළදපොලට නිකුත් කරයි. මෙම සංස්කරණ සියල්ල පොදුවේ එකම කර්නලය (Kernel) මත පදනම් වී ඇත.
- Windows: ප්‍රධාන ධාරාවේ පුද්ගල පරිගණක, ටැබ්ලට් පරිගණක හා ස්මාට් ජංගම දුරකථන සඳහා නිකුත් කර ඇති මෙහෙයුම් පද්ධති සංස්කරණයයි. මෙහි නවතම සංස්කරණය වින්ඩෝස් 10 (Windows 10) ය. Windows හි ප්‍රධාන වෙළදපොල තරඟකරුවා වන්නේ Apple Inc. සමාගමේ Mac OS මෙහෙයුම් පද්ධති පෙළයි.
- Windows Server: සේවා පරිගණක සඳහා නිකුත් කරන ලද සංස්කරණයයි. මෙහි නවතම සංස්කරණය Windows Server 2016 ය. Linux මෙහෙයුම් පද්ධති පෙළ Windows Server හි ප්‍රධාන තරඟකරුවා වේ.
- Windows PE: Windows හි සැහැල්ලු සංස්කරණයයි. මෙය සජීවි මෙහෙයුම් පද්ධතියක් (Live Operating System) ලෙස ක්‍රියාත්මක වීමට සකසා ඇත. එනම් දෘඩ තැටිය (Hard Disk) වැනි ද්විතියික ආචයන මාධ්‍යයක් (Secondary Storage) තුළ ස්ථාපනය කර ක්‍රියා කරවීමට අවශ්‍ය නොවන සංස්කරණයකි.පරිගණක ආශ්‍රිතව නැවත යථා තත්ත්වයට පත් කිරීම (Recovery) සහ ගැටලු නිරාකරණ කටයුතු (Troubleshooting) සඳහා භාවිතයට සකස් කර ඇත. මෙහි නවතම සංස්කරණය Windows PE 10.0.10586.0 වේ.
- Windows IoT (කළින් Windows Embedded) : මුල් කාලයේදී මයික්‍රොසොෆ්ට් සමාගම සාමාන්‍ය භාවිතය සඳහා තැනු, අඩු පහසුකම් සහිත පරිගණක-වැනි උපාංග ඉලක්ක කර ගනිමින් Windows CE මෙහෙයුම් පද්ධතියක් දියුණු කරන ලදී. පසුකාලීනව මෙය Windows Embedded Compact ලෙස Windows Embedded Industry, Windows Embedded Professional, Windows Embedded Standard, Windows Embedded Handheld, Windows Embedded Automotive යන සංස්කරණ ඇතුලත් Windows Compact වෙළද නාමය යටතේ බෙදාහරින ලදී.
සංස්කරණ
[සංස්කරණය]- මෙයද බලන්න: මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සංස්කරණ ලැයිස්තුව
කලින් සංස්කරණ
[සංස්කරණය]මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හි ඉතිහාසය 1981 සැප්තැම්බර් මස වන තෙක් දිගහැරේ. චේස් බිෂොප් (Chase Bishop) නම් පරිගණක විද්‍යාඥයා විසින් ඉලෙක්ට්‍රොනික උපාංගයක් සඳහා අතුරුමුහුණත් කළමනාකරණ (Interface Manager) ආකෘතියක් නිර්මාණය කිරීමට මුල පුරන ලදී. ඒ අනුව 1983 නොවැම්බර් මස (ඇපල් ලීසා [Apple Lisa] පරිගණකය හදුන්වාදීමෙන් පසු හා Macintosh පරිගණකය හදුන්වාදීමට පෙර අතර කාලය තුළ) මෙම අතුරුමුහුණත් කළමනාකරණ ආකෘතිය 'Windows' යන නාමය යටතේ හදුන්වාදෙන ලදී. නමුත් වින්ඩෝස් 1.0 (Windows 1.0) 1985 නොවැම්බර් මාසය වන තෙක් නිකුත් නොකරන ලදී. වින්ඩෝස් 1.0, Apple සමාගමේ මෙහෙයුම් පද්ධතිය සේම සාර්ථක වුවද එය එතරම් ජනයා අතර ප්‍රචලිත නොවීය. වින්ඩෝස් 1.0 පරිපුර්ණ මෙහෙයුම් පද්ධතියක් නොවීය. එය MS-DOS හි වැඩිදියුණු කළ දිගුවක් විය. වින්ඩෝස් 1.0 හි අතුරුමුහුණත් වැඩසටහන 'MS-DOS Executive' ලෙස හැදින්වූ අතර, විශේෂාංග ලෙස Calculator, Calendar, Cardfile, Clipboard viewer, Clock, Control Panel, Notepad, Paint, Terminal, Write හා Reversi පරිගණක ක්‍රීඩාව ඇතුලත් විය.
වින්ඩෝස් 1.0 හිදී කවුළු (windows) එක මත එක දර්ශනය වන ආකාරයට පෙන්නුම් නොකරන අතර, ඒවා ඵලක ආකාරයට (tiles) කවුළු දර්ශනය වේ.
වින්ඩෝස් 2.0 (Windows 2.0) 1987 දෙසැම්බර් මස නිකුත් කරන ලද අතර, එය පෙර මෙහෙයුම් පද්ධතියට වැඩ බෙහෙවින් ජනප්‍රිය විය. මෙම නිකුතුව පරිශීලක අතුරුමුහුණතේ තවත් වැඩිදියුණු කිරීම් වලින් හා පරිගණක මතක කළමනාකරණ හැකියාවෙන්ද යුක්ත විය. වින්ඩෝස් 2.03 (Windows 2.03) සංස්කරණය කවුළු එක මත එක දිස්වන සේ දර්ශනය කිරීමට හැකියාවෙන් යුතුව නිකුත් කළ අතර එම නවීකරණය හේතුවෙන් Apple සමාගම මයික්‍රොසොෆ්ට් සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ලදී. ඒ ප්‍රකාශන හිමිකම් අයිතීන් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් උල්ලංඝනය කරන ලද්දේ යැයි සලකමිනි. වින්ඩෝස් 2.0 හිදී වැඩිදියුණු කළ යතුරුපුවරු කෙටිමං (Keyboard Shortcuts) හා ප්‍රසාරිත මතකයන් (Expanded Memory) භාවිත කිරීමේ හැකියාව ලබාදුනි.
වින්ඩෝස් 2.1 නිකුතුව සංස්කරණ දෙකකින් වෙළදපොලට නිකුත්කරන ලදී. ඒ 'වින්ඩෝස්/286' (Windows/286) හා 'වින්ඩෝස්/386' (Windows/386) ලෙසය. Windows/286 සංස්කරණය ඉන්ටෙල් 80386 (Intel 80386) සඳහා නිර්මාණය කල අතත්‍ය (Virtualization) යෙදවුමක් (Virtual 8086 mode) වූ අතර Windows/286 සංස්කරණය ඉන්ටෙල් 8086 (Intel 8086) හා ඉන්ටෙල් 80286 (Intel 80286) ක්ෂුද්‍ර සකසන තුළ ක්‍රියාකිරීම සඳහා නිර්මාණය කර ඇත.
මීට අමතරව පූර්ණ වින්ඩෝස් පැකේජයන්ට අමතරව තෙවන-පාර්ශව විසින් නිකුත් කළ ධාවන කාලයදී ක්‍රියා කිරීමට සැකසු වින්ඩෝස් සංස්කරණයන් ද පෙර වින්ඩෝස් මෘදුකාංග සමඟ බෙදාහරින ලද අතර ඒ නිසා එම වින්ඩෝස් මෘදුකාංග සම්පුර්ණ වින්ඩෝස් විශේෂාංග කට්ටලය රහිතව වුවත් 'MS-DOS' පද්ධතිය තුළදී ක්‍රියාත්මකවීමට අවස්ථාව ලැබිණි.
මුල් වින්ඩෝස් සංස්කරණ බොහෝ තැන්වලදී මෙහෙයුම් පද්ධතියකට වඩා එය චිත්‍රක කවචයක් (graphical shell) ලෙස හදුන්වනු ලබයි. ඒ MS-DOS පද්ධතිය මත ක්‍රියාකරන්නක් වූ බැවිණි. කෙසේවෙතත් ක්‍රියාකරවිය හැකි ගොනු ආකෘති (executable file format) ඇතුලත් වීම මෙන්ම යතුරුපුවරුව, මූසිකය, මුද්‍රණ යන්ත්‍ර, චිත්‍රණ, ශබ්ද හා ටයිමර (timer) වැනි උපාංග සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ධාවක (device drivers) සැපයීමට ඇති හැකියාව වැනි කරුණු නිසා මෙහෙයුම් පද්ධතියක් ලෙස සලකනු ලබයි. තවද MS-DOS පද්ධතිය සතු නොවන බහුකාර්ය ලෙස චිත්‍රක යෙදවුම් ක්‍රියාත්මක කරවීමේ හැකියාව පවතී.
වින්ඩෝස් 3.0 සහ 3.1
[සංස්කරණය]වින්ඩෝස් 95, 98, සහ Me
[සංස්කරණය]වින්ඩෝස් NT පවුල
[සංස්කරණය]64-bit මෙහෙයුම් පද්ධති
[සංස්කරණය]වින්ඩෝස් CE
[සංස්කරණය]වින්ඩෝස් වල අනාගතය
[සංස්කරණය]ඉතිහාසය
[සංස්කරණය]
සැකිල්ල:Infobox operating system
Microsoft Windows යනු Microsoft සමාගම විසින් සංවර්ධනය කරන ලද, ග්‍රාෆිකල් පරිශීලක අතුරුමුහුණත් (GUI) මත පදනම් වූ මෙහෙයුම් පද්ධති මාලාවකි.[2] 1980 දශකයේ සිට අද දක්වා පෞද්ගලික පරිගණක භාවිතය ජනප්‍රිය කිරීමට Windows විශාල දායකත්වයක් ලබා දී ඇත.
Windows 1.x සහ 2.x
[සංස්කරණය]1985 දී නිකුත් කරන ලද Windows 1.0 MS-DOS මත ධාවනය වූ GUI පරිසරයක් විය.[3] මවුසය, කවුළු සහ මෙනු භාවිතය මෙහිදී හඳුන්වා දෙන ලදී. 1987 දී Windows 2.0 නිකුත් කරමින් overlapping windows වැනි නව හැකියාවන් එක් කරන ලදී.
Windows 3.x යුගය
[සංස්කරණය]1990 දී නිකුත් කළ Windows 3.0 Windows පද්ධතියට විශාල ජනප්‍රියත්වයක් ලබා දුන්නේය.[4] 1992 දී Windows 3.1 සහ Windows for Workgroups නිකුත් කරමින් ජාලකරණ හැකියාවන් හඳුන්වා දෙන ලදී.
Windows 95 සහ 98
[සංස්කරණය]1995 දී නිකුත් කළ Windows 95 මෙහෙයුම් පද්ධති ඉතිහාසයේ විශාල හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකේ.[2] Start Menu, Taskbar සහ Plug and Play සංකල්ප මෙහිදී හඳුන්වා දෙන ලදී. 1998 දී Windows 98 නිකුත් කරමින් USB සහ අන්තර්ජාල ඒකාබද්ධතාවය වැඩි දියුණු විය.
Windows 2000 සහ ME
[සංස්කරණය]2000 වසරේදී Microsoft විසින් ව්‍යාපාරික පරිශීලකයන් සඳහා Windows 2000 සහ ගෘහ පරිශීලකයන් සඳහා Windows ME නිකුත් කළේය.[3] Windows ME ස්ථාවරත්ව ගැටලු හේතුවෙන් විවේචනයට ලක් විය.
Windows XP
[සංස්කරණය]2001 දී නිකුත් කළ Windows XP NT පදනම මත ගෘහ සහ වෘත්තීය පරිශීලකයන් එක් කළ ප්‍රථම Windows සංස්කරණය විය.[2] එය 2014 දක්වා නිල සහාය ලබා ගත්තේය.
Windows Vista සහ 7
[සංස්කරණය]2007 දී Windows Vista නිකුත් කරන ලද අතර, නව Aero GUI සහ ආරක්ෂක පද්ධති හඳුන්වා දෙන ලදී. 2009 දී Windows 7 නිකුත් කරමින් Vista හි දුර්වලතා බොහෝ දුරට නිවැරදි කරන ලදී.[3]
Windows 8 සහ 8.1
[සංස්කරණය]2012 දී Windows 8 නිකුත් කරමින් touch-based අතුරුමුහුණත හඳුන්වා දෙන ලදී. පසුව 2013 දී Windows 8.1 නිකුත් කරමින් පරිශීලක ප්‍රතිචාර අනුව සංශෝධන සිදු කරන ලදී.
Windows 10
[සංස්කරණය]2015 දී Windows 10 නිකුත් කරමින් "Windows as a Service" සංකල්පය හඳුන්වා දෙන ලදී.[5] නිතර යාවත්කාලීන ලබා දීම මෙහි විශේෂාංගයකි.
Windows 11
[සංස්කරණය]2021 දී Windows 11 නිකුත් කරන ලදී. නව පෙනුම, මධ්‍යස්ථ Start Menu සහ TPM 2.0 වැනි නව දෘඪාංග අවශ්‍යතා මෙහි අඩංගු වේ.[3]
බලපෑම
[සංස්කරණය]Microsoft Windows පද්ධතිය ගෘහ, ව්‍යාපාරික, අධ්‍යාපනික සහ රාජ්‍ය අංශවල විශාල ලෙස භාවිතා වන ලෝකයේ ප්‍රමුඛ මෙහෙයුම් පද්ධතියක් ලෙස සැලකේ.
නිකුත් කිරීම් කාලපෙළ
[සංස්කරණය]| Product Name | Latest Version | Release Date | Codename | Support Until (Mainstream) | Support Until (Extended) | Latest DirectX | Latest IE | Latest Edge |
|---|---|---|---|---|---|---|---|---|
| Windows 1.0 | 1.04 | 1985-11-20 | N/A | 1990-12-31 | 2001-12-31 | 2.0 | N/A | N/A |
| Windows 2.0 | 2.11 | 1987-12-09 | N/A | 1991-12-31 | 2001-12-31 | 3.0 | N/A | N/A |
| Windows 3.1 | 3.11 | 1992-04-06 | Janus | 2000-12-31 | 2001-12-31 | 3.1 | 3.0 | N/A |
| Windows NT 3.1 Server | 3.1 | 1993-07-27 | N/A | 1998-12-31 | 2004-12-31 | N/A | N/A | N/A |
| Windows NT 3.5 Server | 3.5 | 1994-09-21 | Daytona | 1999-12-31 | 2004-12-31 | N/A | N/A | N/A |
| Windows 95 | 4.00.950B | 1995-08-24 | Chicago | 2000-12-31 | 2001-12-31 | 2.0c | 4.0 | N/A |
| Windows NT 4.0 Server | 4.0 | 1996-07-29 | Cairo | 2002-06-30 | 2004-12-31 | N/A | N/A | N/A |
| Windows 98 | 4.10.2222 A | 1998-06-25 | Memphis | 2002-06-30 | 2006-07-11 | 7.0 | 6.0 | N/A |
| Windows ME | 4.90.3000 | 2000-09-14 | Millennium | 2003-12-31 | 2006-07-11 | 8.1 | 6.0 | N/A |
| Windows 2000 (Client) | 5.0.2195 | 2000-02-17 | NT 5.0 | 2005-06-30 | 2010-07-13 | 9.0 | 5.0 | N/A |
| Windows 2000 Server | 5.0.2195 | 2000-02-17 | NT 5.0 | 2005-06-30 | 2010-07-13 | 9.0 | 5.0 | N/A |
| Windows XP | 5.1.2600 | 2001-10-25 | Whistler | 2009-04-14 | 2014-04-08 | 9.0c | 8.0 | N/A |
| Windows Server 2003 | 5.2.3790 | 2003-04-24 | Whistler Server | 2010-07-13 | 2015-07-14 | 9.0c | 6.0 | N/A |
| Windows Vista | 6.0.6002 | 2007-01-30 | Longhorn | 2012-04-10 | 2017-04-11 | 10 | 9.0 | N/A |
| Windows Server 2008 | 6.0.6002 | 2008-02-27 | Longhorn Server | 2013-01-14 | 2020-01-14 | 10 | 9.0 | N/A |
| Windows 7 | 6.1.7601 | 2009-10-22 | Blackcomb/Vienna | 2015-01-13 | 2020-01-14 | 11 | 11.0 | N/A |
| Windows Server 2008 R2 | 6.1.7601 | 2009-10-22 | Windows 7 Server | 2015-01-13 | 2020-01-14 | 11 | 11.0 | N/A |
| Windows Server 2012 | 6.2.9200 | 2012-08-01 | Windows 8 Server | 2018-10-09 | 2023-10-10 | 11 | 11.0 | N/A |
| Windows 8 | 6.2.9200 | 2012-10-26 | Midori | 2018-01-09 | 2023-01-10 | 11 | 11.0 | N/A |
| Windows Server 2012 R2 | 6.3.9600 | 2013-10-18 | Windows 8.1 Server | 2018-10-09 | 2023-10-10 | 11 | 11.0 | N/A |
| Windows 8.1 | 6.3.9600 | 2013-10-17 | Blue | 2018-01-09 | 2023-01-10 | 11 | 11.0 | N/A |
| Windows 10 | 22H2 (10.0.19045) | 2015-07-29 | Threshold 1 | 2025-10-14 | 2030-10-14 | 12 Ultimate | 11.0 | 115.x |
| Windows Server 2016 | 10.0.14393 | 2016-10-12 | Windows 10 Server | 2021-01-11 | 2027-01-12 | 12 | 11.0 | 115.x |
| Windows Server 2019 | 10.0.17763 | 2018-10-02 | Windows 10 Server 2018 | 2023-01-09 | 2029-01-09 | 12 | 11.0 | 115.x |
| Windows 11 | 23H2 (10.0.22621) | 2021-10-05 | Sun Valley | 2026-10-08 | 2031-10-08 | 12 Ultimate | 11.0 | 118.x |
| Windows Server 2022 | 10.0.20348 | 2021-08-18 | Windows 11 Server | 2026-10-13 | 2031-10-13 | 12 | 11.0 | 118.x |
හුවමාරු භාවිතය
[සංස්කරණය]| මූලාශ්‍රය | Net Market Share | W3Counter | Global Stats | StatOwl | W3Schools |
|---|---|---|---|---|---|
| දිනය | පෙබරවාරි 2011 | පෙබරවාරි 2011 | පෙබරවාරි 2011 | පෙබරවාරි 2011 | පෙබරවාරි 2011 |
| සියලුම සංස්කරණ | 89.68% | 83.63% | 91.53% | 86.93% | 85.9% |
| වින්ඩෝස් එක්ස්පී | 55.09% | 41.47% | 48% | 40.89% | 44.2% |
| වින්ඩෝස් 7 | 23.08% | 28.27% | 29.12% | 26.73% | 32.2% |
| වින්ඩෝස් විස්ටා | 11.01% | 13.52% | 14.41% | 17.91% | 8.3% |
| වින්ඩෝස් සර්වර් 2003 | — | 0.19% | — | 1.17% | 1% |
| වින්ඩෝස් 2000 | 0.26% | 0.18% | — | 0.23% | 0.2% |
| වින්ඩෝස් NT | 0.19% | — | — | — | — |
| වින්ඩෝස් 98 | 0.03% | — | — | — | — |
| වින්ඩෝස් CE | 0.02% | — | — | — | — |
ආරක්ෂාව
[සංස්කරණය]අනුකරණ මෘදුකාංග
[සංස්කරණය]මේවාද බලන්න
[සංස්කරණය]විමර්ශන
[සංස්කරණය]බාහිර සැබැදි
[සංස්කරණය]- ^ listing of available වින්ඩෝස් 7 language packs
- ^ a b c Encyclopaedia Britannica, "Microsoft Windows", [1](https://www.britannica.com/technology/Microsoft-Windows)
- ^ a b c d Wikipedia contributors, "Microsoft Windows", [2](https://en.wikipedia.org/wiki/Microsoft_Windows)
- ^ Computer History Museum, "Timeline of Computer History", [3](https://www.computerhistory.org/timeline/)
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;microsoft-historyනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි