නවීන විද්‍යාව

විශ්වය පිළිබඳ පිරික්සා බැලිය හැකි, විස්තර කිරීම් සහ අනාවැකි පළ කළ හැකි ආකාරයේ වන්නාවූ දැනුම බිහිකරණ සහ සංවිධිත කරණ සහ ක්‍රමවත් කර්තව්‍යය නවීන විද්‍යාව හෙවත් බටහිර විද්‍යාව නම් වේ. විද්‍යාව යනු භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව හා තාරකා විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍රවල එකතුවකි.
නවීන විද්‍යාව හෙවත් බටහිර විද්‍යාව යනු සාක්ෂි සහිතව ගොඩනැගූ/ගොඩනගන ඕනෑම දැනුම් සම්භාරයක එකතුවකි. එ නම් විද්‍යාව සෑදී ඇත්තේ ග්‍රහණය කරගත හැකි කරුණු සහ පරීක්ෂණ මත පදනම් වීමෙනි. සයන්රී යන ලතින් වචනයෙන් සයන්ස් යන වචනය බිහිවිය. එහි අරුත බුද්ධිය යන්න යි. සයන්ස් හෙවත් විද්‍යාව යනු මේ විශ්වය කෙසේ ක්‍රියා කරන්නේ ද? යන්න පැවසීම යි. එසේත් නැත්නම් විශ්වය පිලිබඳව කරන ගවේෂණයෙන් ලබාගන්නා දැනුම යි. විද්‍යාත්මක දැනුම රැස් කිරීමේ දී පිළිපදින්නේ විද්‍යාත්මක ක්‍රමය යි.
විද්‍යාව මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කරයි. එ නම්,
- ඔප්පු කරන ලද විද්‍යාව
- උපකල්පන විද්‍යාව
විද්‍යාත්මක උපකරණ උපයෝගී කරගෙන පර්යේෂණ මගින් ඔප්පු කරගත් දෑ පළමු වර්ගයට අයත් වේ. උපකල්පන විද්‍යාව යන්න ඔප්පු කරන ලද දෑ නොවේ. ඒවා උපකල්පන පමණි. මේවා කාලයත් සමග සත්‍ය වීමට ද හැක, අසත්‍ය වීමට ද හැක. උදාහරණයකට, මෙම පෘථිවිය ගෝලාකාරයි යන්න ඔප්පු කළ දෙයකි. එය පළමු වර්ගයට අයත් වේ. විශ්වයේ බිහිවීම පිලිබඳව පැවසීමේ දී, මෙම විශ්වය බිහිවුයේ කෙසේද? එහි වයස කීයද? යන්න පැවසීම ඔප්පු කළ දෙයක් නොවේ. ආරම්භයේ නෙබියුලා “Nebulae” යැ යි පවසන ආකාරයේ පැවැති වස්තුව පිපිරීමෙන් තරු බිහිවූ බවත්, එම තරු පිපිරීමෙන් ග්‍රහ වස්තු බිහිවූ බවත්, එම ග්‍රහයේ උපග්‍රහයන් වන චන්ද්‍රයන් බිහිවූ බවත්, පැවැසිණි. පසුව මෙය සම්පූර්ණයෙන් වැරදි බවත් ග්‍රහයින් සුර්යයා ඇති නොවූ බවත් සුර්යයාත්, ග්‍රහයිනුත්, චන්ද්‍රයාත් සහ අනිකුත් ග්‍රහ වස්තු සියල්ලත් එකවිට ඇතිවූ බවත් පැවැසිණි. මෑතක් වනතුරු පැවැසුණේ “විශ්වය සදාකල් පැවැති බවත් ඉදිරියටත් එ සේ ම සදාකල් පවතින බවත්” ය. මෙය නොසැලෙන අවස්ථාවාදය “Steady state theory” නමින් හැඳින්විණි. පසුව එය ප්‍රතික්‍ෂේප වී මහා පිපිරුම් වාදය “Big bang theory” ඉදිරිපත් කැරිණි. මේ වනතුරු මෙම වාදයන් ඔප්පු කොට නැත. මේවා උපකල්පන පමණි. මෙය දෙවෙනි වර්ගයට අයත් වේ.
විද්‍යාවේ ඉතිහාසය
[සංස්කරණය]විද්‍යාව යන යෙදුම
[සංස්කරණය]Science යන ඉංග්‍රීසි වචනයේ සිංහල පරිවර්තනය ලෙස ක්‍රි.ව. 1850 පමණ සිට සිංහල වචනය ලෙස නවීන විද්‍යාව යන්න යොදා ගැනිණි. පසුව ක්‍රමයෙන් නවීන යන්න යෙදීම අඩුවිය. විද්‍යව හෙවත් විජ්ජා යන්නට බුදු දහමේ සහ නිවැරදි සිංහල තේරුම එයින් විකෘති විය. Science යන වචනයේ නිවැරදි පරිවර්තනය වේද විය යුතුව තිබිණැ යි සමහර වියත්තු සඳහන් කරති. මෙම ගැටළුව නිරාකරණය පිණිස සයන්ස් හෝ බටහිර-විද්‍යාව යන යෙදුම් මෙහි භාවිතා කෙරේ. මීට අමතර ව Science යන ඉංග්‍රීසි වදන සඳහා මුනිදාස කුමාරතුංග[තහවුරු කර නොමැත] නිර්මාණය කළ සොයුන නම් යෙදුමක් ද වෙයි.
සයන්ස් යන යෙදුම
[සංස්කරණය]විද්‍යාත්මක ක්‍රමය
[සංස්කරණය]විද්‍යාත්මක ක්‍රමය (හෙවත් නවීන විද්‍යාත්මක ක්‍රමය) යනු පවතින දැනුමක් නිවැරදි කිරීම, පවතින දැනුම ඒකාබද්ධ කිරීම හෝ නව දැනුම නිර්මාණය කිරීම පිණිස යම් සංසිද්ධියක් විමර්ෂණය කිරීම පිණිස යොදාගන්නා නවීන විද්‍යාත්මක ශිල්පක්‍රම වල එකතුවයි.[1] ගැටළුව හොඳින් සොයා බලලා නිසි පදනමක් ඇතිව, තාර්කිකව පිළිතුරක් ලබාගන්න ක්‍රමයකි. බොහොමයක් විද්‍යාත්මක පරීක්ෂණ වලට භාවිතා කරනු ලබන්නේ මේ ක්‍රමයයි.[2][3] විද්‍යාත්මක ක්‍රමය යම් ගැටළුවක් තාර්කිකව විසඳා ගැනීමටත් නිරවද්‍යතාවයෙන් ඉහළ පිළිතුරු ලබාගැනීමටත් ඉතා හොඳ දර්ශකයකි. ගැටළුව විසඳා ගැනීමේදී අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග විද්‍යාත්මක ක්‍රමය මගින් පියවරින් පියවර සපයනු ලැබේ.
විද්‍යාවේ දර්ශනය
[සංස්කරණය]
විද්‍යාත්මක ප්‍රජාව
[සංස්කරණය]ක්ෂේත්‍ර
[සංස්කරණය]
ආයතන
[සංස්කරණය]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ Goldhaber & Nieto 2010, p. 940
- ^ "[4] Rules for the study of natural philosophy", Newton transl 1999, pp. 794–6, after Book 3, The System of the World.
- ^ Oxford English Dictionary – entry for scientific.
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]
Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews